T20 World Cup 2024 : හෙට්මයර් හා ෂමාර් ජෝසප් සමග කොදෙව් සංචිතය නම් කෙරේ

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නිවේදනය කර තිබෙනවා.

රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ශිම්රන් හෙට්මයර් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති 24 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ෂමාර් ජෝසප් ද සංචිතයට ඇතුළත්.

අල්සාරි ජෝසප් සංචිතයේ උප නායකයා ලෙස නම් කර ඇති අතර, නිකලස් පූරාන්, අන්ඩ්‍රි රසල් හා ජේසන් හෝල්ඩර් ද සංචිතයට නම් කර තිබෙනවා.

මේ අතර, මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කොදෙව් ක්‍රීඩකයින් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙසට ද කොදෙව් ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී සදහන් කළා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

කොදෙව්වන් ක්‍රීඩා කරන පළමු තරගය පැපුවා නිව් ගිනියාවට එරෙහිව ජූනි දෙවැනිදා Guyana හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

West Indies squad for T20 World Cup

Rovman Powell (c), Alzarri Joseph (vc), Johnson Charles, Roston Chase, Shimron Hetmyer, Shamar Joseph, Brandon King, Nicholas Pooran, Shai Hope, Andre Russell, Romario Shepherd, Jason Holder, Akeal Hosein, Gudakesh Motie, Sherfane Rutherford

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...