Watch : නුවන් තුෂාර පළමු පන්දුවාර දෙකේ දී දවා ගත් කඩුලු 3 මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගයේ දී තමන් යොමු කළ පළමු පන්දුවාර දෙකේ දී ම කඩුලු තුනක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(3) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිල පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු පන්දුවාරය නුවන් තුෂාර විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ඔහු විසින් පිල් සෝල්ට් ලකුණු 5 ක් ලබා සිටියදී දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව සිය දෙවැනි පන්දුවාරයේ දී ඔහු විසින් අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි ලකුණු 13 කටත්, ෂ්රෙයස් අයියර් ලකුණු 6කටත් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

නුවන් තුෂාර දවා ගත් කඩුලු 3 පහතින් නරඹන්න –

පිල් සෝල්ට් දැවී ගිය අයුරු –

තුෂාර යොමු කළ දෙවැනි පන්දුවාරය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...