නව නීතියක් සමග LPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(3) නිවේදනය කළා.

ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොළඹ Shangi-La හෝටලයේ දී මැයි 21 වැනිදා දහවල් 12 ට වෙන්දේසිය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා වෙන්දේසියක් අඛණ්ඩව පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි. තරගාවලියේ පළමු අදියර තුනේ දී ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා පැවැත්වුණේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (player draft).

සෑම කණ්ඩායමකම සංචිතයක් සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු ද, අවම වශයෙන් ක්‍රීඩකයින් 20 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි. සෑම සංචිතයකම රැදී සිටිය යුතු විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය හයක්.

සෑම තරගයක් සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයෙකු ද අනිවාර්යයෙන්ම සිටිය යුතු බවට වන නීතියක් ද ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙනවා.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය රූපවාහිනිය ඔස්සේ හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

තරගාවලිය ජූලි පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර, දඹුල්ල හා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...