Watch : තණතීරුව මැද දී බංග්ලාදේශ ක්‍රීඩිකාවකට ඉන්න තැනත් අමතක වූ හැටි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අපූර්ව සිදු වීමක් දැක ගත හැකි වුණා.

තරගය සිල්හෙට් හී දී පැවැති අතර, එම තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කළ ඉන්දියාව මේ වන විට තරග 3-0 ක් ලෙස තරග 5කින් යුත් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 117 ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ ඉනිමේ 5 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී Dilara Akter දුවද්දී දවා ගැනීම සදහා ඇදහිය නොහැකි අවස්ථාවක් ඉන්දියාවට උදා වූ නමුත්, එය සාර්ථක කර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වූයේ නැහැ.

මෙහි විශේෂත්වය වූයේ අදාළ පන්දුවේ දී Dilara Akter දෙවැනි ලකුණ කරා දිව යාම ආරම්භ කිරීමෙන් පසුව එම අදහස තණතීරුව මැදදී අත්හැර දැමීමට ඇයට සිදු වූ නමුත්, ඇයට යළි සිය සීමා ඉර කරා පැමිණීමට බොහෝ වේලාවක් යනතුරු කිසිදු අවශ්‍යතාවයක් නොතිබීමයි.

ඉන්දීය ක්‍රීඩිකාවන් ඇයව දුවද්දී දවා ගැනීමට උත්සාහ කරද්දී පවා, ඇයට ඒ පිළිබද කිසිදු අවබෝධයක් එම අවස්ථාවේ දී නොතිබූ බවක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රීඩිකාවක් විසින් කඩුල්ලට විසි කළ පන්දුව කඩුල්ලේ නොවැදීම නිසා ඇය තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...