හසන් අලී කැදවමින් T20 තරග 7කට පාකිස්තාන සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන අයර්ලන්ත හා එංගලන්ත තරග සංචාර සදහා වන පාකිස්තාන විස්සයි 20 සංචිතය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී කැදවා ඇති අතර, මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති සල්මන් අලී ආගා ද සංචිතයට ඇතුළත්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ජූනි මාසයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය මෙම ක්‍රීඩකයින් 18 දෙනාගෙන් තෝරා ගන්නා බවයි.

එම සංචිතය මැයි 22 වැනිදා පැවැත්වෙන එංගලන්ත-පාකිස්තාන පළමු විස්සයි 20 තරගයෙන් පසුව නිවේදනය කරන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ආබාධවලට ලක්ව සිටි හැරිස් රවුෆ්, මොහමඩ් රිස්වාන්, අසාම් ඛාන් හා ඉර්ෆාන් ඛාන් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

උස්මාන් ඛාන්, මොහමඩ් අමීර් හා ඉමාඩ් වසීම් සංචිතයේ සිය ස්ථාන රැක ගෙන ඇති අතර, උසාමා මීර්ට හා සමාන් ඛාන්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

පාකිස්තානය හා අයර්ලන්තය අතර තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය මැයි 10 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අනතුරුව මැයි 22 වැනිදා ආරම්භ වන එංගලන්තයට එරෙහි විස්සයි 20 තරගාවලියට තරග 4 ක් ඇතුළත්.

Squad:

Babar Azam (c), Abrar Ahmed, Azam Khan, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Iftikhar Ahmed, Imad Wasim, Mohammad Abbas Afridi, Mohammad Amir, Mohammad Rizwan, Muhammad Irfan Khan, Naseem Shah, Saim Ayub, Salman Ali Agha, Shadab Khan, Shaheen Shah Afridi, Usman Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...