වරුන් හා සෝල්ට් නයිට් රයිඩර්ස් පිලට ජය ගෙනෙයි

Date:

වරුන් චක්‍රවර්තී ප්‍රමුඛ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හා පිල් සෝල්ට්ගේ වේගවත් අර්ධ ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 21 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

පිල් සෝල්ට් පන්දු 33 කින් ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරෙ පහර 7ක් සමගින්. ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 33 ක් හා වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ කුල්දීප් යාදව්. ඔහු පන්දු 26 කින් නොදැවී ලකුණු 35 ක් ලබා ගත්තා. රිෂාබ් පාන්ඩ් ලකුණු 27 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වයිබව් අරෝරා හා හර්ෂිත් රානා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...