ගයික්වඩ්, තුෂාර් හා පතිරණගේ දක්ෂතා චෙන්නායි පිලට ලකුණු 78 ක ජයක් හිමි කරයි

Date:

රුටුරාජ් ගයික්වඩ් රැස් කළ ලකුණු 98 හා තුෂාර් දේශ්පාන්ඩේ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 78 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

චෙන්නායි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් පිලට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

තුෂාර් දේශ්පන්ඩේ ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගනිමින් හයිදරාබාද් හඹා යාම අඩපන කළා.

මෙම තරගයේ දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර දෙකක් තුළ ලකුණු 17 කට කඩුලු දෙකක් දවා ගත්තා. (දර්ශන පහතින්) සන්රයිසස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 32(26) කට දැවී ගියේ මතීෂගේ අනර්ඝ යෝකර් පන්දුවක් හමුවේයි.

එමෙන්ම හෙන්රික් ක්ලාසන් ලකුණු 20 කට දවා ගැනීමට ද මතීෂ පතිරණ සමත් වුණා. මෙම තරගයේ දී චෙන්නායි ක්‍රීඩක ඩැරල් මිචෙල් උඩ පන්දු පහක් රැක ගැනීම ද කැපී පෙණුනා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල වෙනුවෙන් ගයික්වඩ් ලකුණු 98 ක් ලබා ගත්තේ පන්දු 54 කින්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් ද සමගින්.

ඩැරල් මිචෙල් ලකුණු 52(32) ක් හා ශිවම් ඩූබේ නොදැවී ලකුණු 39(20) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාව ඉක්මවා රැගෙන යාම සදහා දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, ටී නටරාජන් හා ජයිදේව් උනඩ්කට් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...