සිම්බාව්වේ T20 සංචිතය නම් කෙරේ – හිටපු නායකයාගේ පුතාත් සංචිතයට

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතතය සදහා Tadiwanashe Marumani හා Faraz Akram යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සික්නඩ රාසා නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

හිටපු නායක Alistair Campbellගේ පුත්, මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Johnathan Campbell ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

සංචිතයෙන් ඉවත් කර ඇත්තේ Tinashe Kamunhukamwe, Milton Shumba, Carl Mumba හා Tony Munyonga යන ක්‍රීඩකයින්.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය මැයි 3 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Sikandar Raza (C), Faraz Akram, Brian Bennett, Ryan Burl, Johnathan Campbell, Craig Ervine, Joylord Gumbie, Luke Jongwe, Clive Madande, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Ainsley Ndlovu, Richard Ngarava, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...