Watch : පළමු පන්දු තුනෙන් පතිරණ දවා ගත් ප්‍රබල කඩුලු දෙක

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී තමන් යොමු කළ පළමු පන්දුවාරයේ පළමු පන්දු තුන තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල කඩුලු දෙකක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(14) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.

මුම්බායි පිළිතුරු ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 7.1 ක් තුළ ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඉෂාන් කිෂන් හා රෝහිත් ෂර්මා සමත් වුණා.

පළමු කඩුල්ල ලෙස ඉෂාන් දැවී ගියේ පතිරණ මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවටම ශර්දුල් තාකූර් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 23(15) ක්.

අනතුරුව පතිරණ යොමු කළ තෙවැනි පන්දුවේ දී සූර්යකුමාර් යාදව් ලකුණු නොලබා දැවී ගියා. ඒ, මුස්ටර්ෆිසුර් රහ්මාන් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...