ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි යළි ඉදිරියට

Date:

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(10) නිවේදනය කළා.

ඊට අනුව නිමා වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ කමිදු මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 92 ක් නොදැවී ලබා ගනිමින් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 46 වැනි ස්ථානය දක්වා ස්ථාන 18 කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ. ඒ, ශ්‍රේණිගත ලකුණු 533 ක් හිමි කර ගනිමින්.

මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඔහු මාර්තු මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද පසුගියදා පිදුම් ලැබුවා.

මේ අතර, ශ්‍රේණිගත ලකුණු 639 කට හිමිකම් කියන ඇන්ජෙලෝ මැතිව්ස් 25 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කුසල් මෙන්ඩිස් 52 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3කින්. දිමුත් කරුණාරත්න 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 27 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත්ව තිබීම ද විශේෂත්වයක්.

විශ්ව ප්‍රනාන්දු 41 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ලහිරු කුමාර 44 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය 11 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත්තේ ස්ථාන 3කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...