ස්ටබ්ස්ගේ 71 (27) ක අපතේ යවමින් මුම්බායි ඉන්දියන්ස් පළමු ජය ලබයි

Date:

පන්දු 27 කින් ට්‍රිස්ටන් ස්ටබ්ස් වාර්තා කළ ලකුණු 71 ක සටන්කාමී සුපිරි පිතිහරඹය අපතේ යවමින් මුම්බායි පිතිකරුවන් දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 29 ක ජයක් වාර්තා කරමින් මෙවර තරග වාරයේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 235 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

ප්‍රිත්වි ෂෝ පන්දු 40 කින් ලකුණු 66 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්. අභිෂේක් පොරෙල් ලකුණු 41(31) ක් ලබා ගත්තා. අවසන් පන්දුවාරය දක්වා සටන්කාමී ඉනිමක නිරත වූ ට්‍රිස්ටන් ස්ටබ්ස් රැස් කළ වේගවත් ලකුණු 71 ට හයේ පහර 7ක් හා හතරේ පහර 3 ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 22 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 234 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

මෙම තරගයේ දී මුම්බායි කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකළ අතර, එලෙස කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් විස්සයි 20 තරග ඉතිහාසයේ දී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි අද දිනයේ දී මුම්බායි කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව ඉතිහාසගත වුණේ.

රෝහිත් ෂර්මා පන්දු 27 කින් ලකුණූ 49 ක්, ඉෂාන් කිෂන් පන්දු 23 කින් ලකුණු 42 ක් හා නායක හර්ඩික් පාන්ඩ්යා පන්දු 33 කින් ලකුණු 39 ක් රැස් කළා.

හයේ පහර 4ක් හා හතරේ පහර දෙකක් සමග ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 45 ක් රැස් කළේ පන්දු 21 ක් පමණක් වැය කරමින්. රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 10 කින් ලකුණු 39 ක් නොදැවී ලබා ගනිමින් මුම්බායි ඉනිමට වේගවත් අවසානයක් හිමි කර දුන්නා. ඒ, අන්රික් නොකියා යොමු කළ අවසන් පන්දුවාරයේ දී හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 32 ක් ද ලබා ගනිමින්.

මාස කිහිපයකට පසුව යළි ක්‍රිකට් පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් මෙම තරගයේ දී ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා. පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් හා අන්රික් නොකියා කඩුලු 2 බැගින් බිද හෙලුවා. නොකියා යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 65 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...