Watch : 4, 6, 6, 6, 4, 6 – අවසන් පන්දුවාරයට රොමාරියෝ ෂෙපර්ඩ් ගහපු ලකුණු 32 මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 32 ක් රැස් කිරීමට රොමාරියෝ ෂෙපර්ඩ් අද(7) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි මුම්බායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 234 ක් ලබා ගනිමින්.

අන්රික් නොකියා යොමු කළ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 32 ක් එම පන්දුවාරයේ දී ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර දෙකක් සමගින්.

ෂෙපර්ඩ් මෙම තරගයේ දී පන්දු 10 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39 ක්.

අවසන් පන්දුවාරයේ හා රොමාරියෝ ෂෙපර්ගේ සම්පූර්ණ ඉනිමට අදාළ වීඩියෝ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...