ගිල්ගේ 89* අපතේ යයි – ශශාන්ක්ගේ හා අෂුතෝෂ්ගේ ප්‍රහාරය පංජාබ් පිලට සුපිරි ජයක් ගෙනෙයි

Date:

ශශාන්ක් සිංගේ හා අෂුතෝෂ් ෂර්මාගේ සටන්කාමී පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු තුනක තියුණු හා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 200 ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ප්‍රබ්සිම්රන් සිං ලකුණු 35(24) ක් රැස් කළ අතර, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 22 කට දැවී ගියා. පංජාබ් කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලකුණු 70 දී ද, 5 වැනි කඩුල්ල ලකුණු 111 දී දැවී ගියේ තරගයේ ජය පිළිබද වැඩි බලාපොරොත්තු ටයිටන්ස් ක්‍රීඩකයින්ට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, සටන්කාමී පිතිහරඹයක නිරත වූ ශශාන්ක් සිං පන්දු 29 කින් නොදැවී ලකුණු 61 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඉනිමට අවශ්‍ය වූ වේගවත් අවසානය ලබා දුන් අෂුතෝෂ් ෂර්මා පන්දු 17 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31 ක්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 3ක් සමගින්. ජිටේෂ් ෂර්මා ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් ලකුණු 32 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් ඉනිම වෙනුවෙන් අනර්ඝ ඉනිමක් දියත් කළ නායක ෂුබ්මන් ගිල් පන්දු 48 කින් නොදැවී ලකුණු 89 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් සමගින්.

සායි සුදර්සන් ලකුණු 33 යි. කේන් විලියම්සන් ලකුණු 26 ක් රැස් කළ අතර, රාහුල් තෙවාටියා පන්දු 8කින් නොදැවී ලකුණු 23 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 44 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...