සුනිල්ගෙන් සුපිරි ප්‍රහාරයක් – කොල්කටා හමුවේ දිල්ලියට ලකුණු 106 ක දරුණු පරාජයක්

Date:

සුනිල් නරේන් ප්‍රමුඛ කොල්කටා පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 106 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.

විසාකාපට්නම් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 272 ක් ලබා ගනිමින්.

එය අයි.පී.එල් ඉතිහාසයේ දී කණ්ඩායමක් තරගයකදී වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි. අයි.පී.එල් තරගයක කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි. මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව සන්රයිසස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

අද තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

දිල්ලි ඉනිමේ සිව්වැනි කඩුල්ල ඉනිමේ 5 වැනි පන්දුවාරය අතරතුර දී දැවී ගියේ තරගයේ සම්පූර්ණ පාලනය කොල්කටා පිලට හිමි කර දෙමින්.

දිල්ලිය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ පිතිකරුවන් දෙදෙනා වූයේ නායක රිෂාබ් පාන්ට් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් පමණයි. පාන්ට් පන්දු 25 කින් ලකුණු 55 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4ක් සමගින්. ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 32 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී වයිබව් අරෝරා ලකුණු 27 කට කඩුලු 3ක් හා වරුන් චක්‍රවර්තී ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා. මිචෙල් ස්ටක් බිද හෙලූ කඩුලු ගණන 2 ක්.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් සුනිල් නරේන් පන්දු 39 කින් ලකුණු 85 ක් රැස් කළා. ඒ, හයේ පහර හා හතරේ පහර 7 බැගින් එල්ල කරමින්.

කොල්කටා ඉනිමේ පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලෙසයි.

කොල්කටා පිල වෙනුවෙන් අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි පන්දු 27 කින් ලකුණු 54 ක් ද, අන්ඩ්‍රි රසල් පන්දු 19 කින් ලකුණු 41 ක් ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා ලකුණු 59 කට කඩුලු 3ක් දවා ගත්තා. ඉෂාන්ට් ෂර්මා කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 43 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...