Watch : අන්ඩ්‍රි රසල් අන්ත අසරණ වූ ෂර්මාගේ යෝකර් පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරු අන්ඩ්‍රි රසල්ගේ කඩුල්ල දවා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා අද(3) සමත් වුණා.

විසාකාපට්නම් හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 272 ක් ලබා ගනිමින්.

එය අයි.පී.එල් ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යි අන්ඩ්‍රි රසල් ලකුණු 41(19) ක් ලබා සිටියදී දැවී ගියේ.

එම දැවී යාමෙන් පසුව සුපිරි යෝකර් පන්දුවක් තමන්ට එරෙහිව යොමු කළ ඉෂාන්ට් ෂර්මාව අගය කිරීමට ද අන්ඩ්‍රි රසල් කටයුතු කිරීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...