Watch : මාෂ් හා ස්ටබ්ස් අන්ත අසරණ කළ මතීෂගේ සුපිරි යෝකර් පන්දු දෙක

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ අද(31) සමත් වුණා.

විසාකාපට්නම් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

පතිරණ සිය පන්දුවාර 4 තුළ දී කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 31 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මිචෙල් මාෂ්, ට්‍රිස්ටන් ස්ටබ්ස් හා රිෂාබ් පාන්ට්. ඒ අතරින් මාෂ් හා ස්ටබ්ස් දවා ගැනීමට ඔහු යොමු කළ සුපිරි යෝකර් පන්දු දෙක බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා (එම කඩුලු දෙක පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...