කණ්ඩම්බිගෙන් පසු තිසරත් ජැෆ්නා කිංග්ස් පිලට සමු දෙයි

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ජැෆ්නා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස පළමු අදියර හතරේදීම ඔහු කටයුතු කළා.

ඉන් පළමු තරගාවලි තුනේම ශූරතාවය දිනා ගත්තේ ද තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර, මීට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තිළිණ කණ්ඩම්බි ද තීරණය කළා.

2020 වසරේ දී LPL තරගාවලිය ආරම්භ වීමත් සමග මෙතෙක් පැවැති තරගවාර 4 තුළ දී ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඔහුයි.

ඒ අනුව 2024 LPL තරගාවලිය සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු වරට නව නායකයෙකු හා නව පුහුණුකරුවෙකු සමග තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...