ඇෆ්ඝනිස්තාන 16 හැවිරිදි දග පන්දු යවන්නා IPL තරගාවලියට – මහරාජ් රෝයල්ස් සමග එක්වෙයි

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු ආබාධයකට මුහුණ දී සිටීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

මුජීබ් 2024 අයි.පී.එල් අදියරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි අතර, ඒ අනුව ඔහු වෙනුව‍ට ඇෆ්ඝනිස්තාන 16 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Allah Ghazanfar සංචිතයට ආදේශ කිරීමටයි කොල්කටා කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් දකුණු අප්‍රිකා දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් සමග මෙවර තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ශල්‍යකර්මයකට මුහුණ දී සුවය ලබිමින් සිටින ප්‍රසිද් ක්‍රිෂ්නා වෙනුවට ඔහුව සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...