ඇන්ඩර්සන් ඇමෙරිකානු සංචිතයට – ජයසූරියගේ T20 ලෝක කුසලාන බලාපොරොත්තු බොද වෙයි ?

Date:

කැනඩාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇමෙරිකා එක්සත් ජනපද සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා හිටපු නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් ද නම් කර තිබීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2018 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

අනතුරු 2020 වසරේ දී ඇන්ඩර්සන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ අතර, මේ වන විට ඔහු ඇමෙරිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙනවා.

ඇමෙරිකානු ජාතික සංචිතයට ඔහුව මෙලෙස නම් කිරීමත් සමග එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු ඇමෙරිකාව නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

කැනඩාවට එරෙහිව නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස Monank Patel ද, උප නායකයා ලෙස Aaron Jones ද කටයුතු කරනවා.

සංචිතය සදහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය ඇතුළත් කර නොතිබීම හේතුවෙන් එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඇමෙරිකාව නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඔහුට අත්හැරීමට සිදුව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් (yo-yo test) අසමත් වීමත් සමග මෙලෙස ඇමෙරිකා ජාතික සංචිතයට ඇතුළත් වීමේ අවස්ථාව ඔහුට අහිමි වී ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඇමෙරිකාව හා කැනඩාව අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය අප්‍රේල් 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ටෙක්සාස්හි Prairie View ක්‍රිකට් සංකීර්ණයේ දී (PVCC) පැවැත්වීමට නියමිතයි.

USA Squad:

Monank Patel (captain), Aaron Jones (VC), Andries Gous, Corey Anderson, Gajanand Singh, Harmeet Singh, Jessy Singh, Milind Kumar, Nisarg Patel, Nitish Kumar, Noshtush Kenjige, Saurabh Netravalkar, Shadley Van Schalkwyk, Steven Taylor, Usman Rafiq.

Reserve players – Juanoy Drysdale, Saiteja Mukkamalla, Shayan Jahangir.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...