කාසියේ වාසිය දිනූ මුම්බායි වෙනුවෙන් 17 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා IPL වරම් දිනයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.

තරගය හයිදරාබාද් හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ආබාධයක් හේතුවෙන් මුම්බායි ක්‍රීඩක ලුක් වුඩ්ට මෙම තරගය අහිමි වී ඇති අතර, ඒ අනුව 17 හැවිරිදි ක්වේනා මාපාක (Kwena Maphaka) මෙම තරගයේ දී අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ අතර, සන්රයිසස් කණ්ඩායම අද තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මාර්කෝ ජන්සන් වෙනුවට ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමට කැදවා ඇති අතර, ආබාධයකට ලක්ව සිටින ටී නටරාජන් වෙනුවට ජයිදේව් උනඩ්කට් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය රෝහිත් ෂර්මා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන 200 වැනි තරගය වීම ද කැපී පෙනෙනවා.

අද තරගය සදහා ද මුම්බායි වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

Mumbai Indians XI:

R. Sharma, I. Kishan (wk), T. Varma, H. Pandya (c), T. David, N. Dhir, G. Coetzee, J. Bumrah, P. Chawla, S. Mulani, K. Maphaka

Sunrisers Hyderabad XI:

T. Head, M. Agarwal, A. Sharma, A. Markram, H. Klaasen (wk), A. Samad, S. Ahmed, P. Cummins (c), B. Kumar, M. Markande, J. Unadkat

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...