කසුන් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට – ප්‍රධාන වේග පන්දු යවන්නෙකු සංචිතයට කැදවයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පාදයක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් අසිත මෙම ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මීට පෙර ඇතුළත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට සුවය ලබා ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී කසුන් රාජිත පළමු ඉනිමේ දී කඩුලු 3 ක් හා දෙවැනි ඉනිමේ දී කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඔහු සිය ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වීම සදහා යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...