හතුරුසිංහ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වී බංග්ලාදේශයෙන් පිටව යයි

Date:

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට තීරණය කර ඇති බැවින්.

ඔහු යළි බංග්ලාදේශයට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් තහවුරු කර නැහැ.

හතුරුසිංහ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස සහාය පුහුණුකරු Nic Pothas කටයුතු කිරීමට නියමිතයි.

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දෙවැනි වරටත් වැඩ භාර ගෙන මේ වන විට වසරකටත් වැඩි කාලයක් ගතව තිබෙනවා.(පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට)

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය ලකුණු 328 ක දැවැන්ත පරාජයක් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...