2024 කාන්තා ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Date:

2024 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(26) නිවේදනය කෙරුණා.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, තරගාවලිය දඹුල්ලේ දී ජූලි 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියට රටවල් 8ක් ක්‍රීඩා කරන බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා රටවල් 7ක් ක්‍රීඩා කළ පසුබිමකයි මෙවර තරගාවලියට රටවල් 8ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය හැරුණු විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, නේපාලය හා තායිලන්තය යන රටවල් තරගාවලියට ක්‍රීඩා කරනවා.

එම කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නේපාලය ඇතුළත්.

B කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව හා තායිලන්තයයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූලි 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...