කෝලිගේ 77 හා කාර්තික්ගේ ප්‍රහාරය හමුවේ RCB ජය ගනියි

Date:

විරාත් කෝලිගේ අර්ධ ශතකය හා දිනේෂ් කාර්තික්ගේ වේගවත් ඉනිම හමුවේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(25) සමත් වුණා.

බැංගලූරුහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ RCB කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු විරාත් කෝලි ලකුණු 77 ක් ලබා ගත්තේ පන්දු 49 කින්. හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කෝලි ලකුණු නොලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ජොනී බෙයාර්ස්ටව් අතින් ගිලිහී යාම ද කැපී පෙනුණා.

සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක කෝලිගේ දැවී යාමෙන් පසු බැංගලූරු ඉනිම ජයග්‍රහනය කරා රැගෙන ගියේ දිනේෂ් කාර්තික් හා මහිපාල් ලොම්රෝර්.

ෆෆ් ඩු ප්ලෙසිස්, කැමරන් ග්‍රීන් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 3 බැගින් ලබා සිටියදී දැවී ගියා. රාජත් පටිදර් ලකුණු 18 යි.

අවසන් පන්දුවාර දෙකේ දී තරගය ජය ගැනීමට බැංගලූරු කණ්ඩායමට ලකුණු 23 ක් අවශ්‍ය වූ අතර, කාර්තික්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ බැංගලූරු කණ්ඩායම අවසන් පන්දුවාරයේ දී තරගයේ ජය තහවුරු කර ගත්තා. (අවසන් පන්දුවාරයේ දර්ශන පහතින්)

කාර්තික් පන්දු 10 කින් නොදැවී ලකුණු 28 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් සමගින්. ලොම්රෝර් නොදැවී ලකුණු 17(8) යි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා හර්ප්‍රීට් බ්‍රාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා. බ්‍රාර් සිය පන්දුවාර 4 තුළ දී ලබා දුන්නේ ලකුණු 13 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් පංජාබ් ඉනිම වෙනුවෙන් නායක ශිකර් ධවාන් ලකුණු 45(37) ක් රැස් කළ අතර, ජිටේෂ් ෂර්මා ලකුණු 27 යි. ප්‍රබ්සිම්රන් සිං ලකුණු 25 ක් හා සෑම් කරන් ලකුණු 23 ක් ද ලබා ගත්තා. ශශාන්ක් සිං නොදැවී ලකුණු 21(8) යි.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් හා ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...