Watch : බුම්රාගේ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ ව්රිධිමන් දැවී ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

අහ්මදාබාද්හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටයිටන්ස් ඉනිමේ 4 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී යි ඔහු එම කඩුල්ල දවා ගත්තේ.

බුම්රාගේ යෝකර් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ව්රිධිමන් සහා. ඔහු පන්දු 15 කින් ලකුණු 19 ක් රැස් කළා.

මෙම තරගය වෙනුවෙන් මුම්බායි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...