පූරාන්ගේ හා රාහුල්ගේ සටන අපතේ යයි – සංජුගේ ප්‍රහාරය රාජස්ථානයට ජය ගෙනෙයි

Date:

රාජස්ථාන් නායක සංජු සැම්සන් නොදැවී වාර්තා කළ ලකුණු 82 හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(24) සමත් වුණා.

ජයිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173 ක් පමණයි.

ලක්නව් ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 11 දී දැවී ගිය අතර, සිව්වැනි කඩුල්ල ලකුණු 60 දී දැවී ගියා. අනතුරුව කේ එල් රාහුල් හා නිකලස් පූරාන් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 85 (52) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ තරගයේ ජය පිළිබද බලාපොරොත්තුවක් ලක්නව් ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, රාහුල් ලකුණු 58(44) කට දැවී යාමත් සමග තරගයේ පාලනය යළි රාජස්ථාන් කණ්ඩායම දෙසට නතු වුණා. නිකලස් පූරාන් පන්දු 41 කින් නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 ක් දවා ගත් අතර, නන්ඩ්‍රි බර්ගර්, ආර් අශ්වින්, යුස්වේන්ද්‍ර චෙහල් හා සන්දීප් ෂර්මා කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් වෙනුවෙන් නායක සංජු සැම්සන් ලකුණු 82 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 52 කින්. හයේ පහර හයක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රියාන් පරාග් ලකුණු 43 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...