ධනංජය හා කමිදු ටෙස්ට් ඉතිහාසයට එක්වෙද්දී බංග්ලාදේශයට 511 ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 511 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, තරගයේ තෙවැනි දිනය වන අද(24) දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 418 කට සීමා වීමත් සමගයි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී මෙන්ම දෙවැනි ඉනිම වෙනුවෙන් ද ශතක වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් සමත් වීම විශේෂත්වයක්.

සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ලකුණු 108 කට දැවී ගිය අතර, සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබා ගනිමින් කමිදු ලකුණු 164 ක් ලබා ගත්තා.

ධනංජය ඉතිහාසගත වුණේ ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 6 වැනි ක්‍රීඩකයා ලෙසයි. අනතුරුව කමිදු ද එම සුවිශේෂී සමාජයට එක් වුණේ අදාළ දක්ෂතාවය දැක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ 7 වැනි පිතිකරු බවට පත් වෙමින්.

ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම එකම පිතිකරුවන් දෙදෙනෙකු විසින් ශතක වාර්තා කළ ටෙස්ට් ඉතිහාසයේ තෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර 1974 වසරේ දී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් හා ග්‍රේග් චැපල් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළා.

අනතුරුව 2014 වසරේ දී පාකිස්තානයේ අසාර් අලී හා මිස්බාහ් උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...