ක්ලාසන්ගේ ප්‍රහාරය අපතේ යයි – රසල්, රානාගේ දක්ෂතා KKR පිලට තියුණු ජයක් ගෙනෙයි

Date:

අන්ඩ්‍රි රසල්ගේ තුන් ඉරියව් දක්ෂතා හා හර්ෂිත් රානා යොමු කළ විශිෂ්ඨ අවසන් පන්දුවාරය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 208 ක් ලබා නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි.

තරගය ජය ගැනීමට සන්රයිසස් හයිදරාබාද් පිලට අවසන් පන්දුවාර 3 තුළ දී ලකුණු 60 ක් අවශ්‍ය වූ පසුබිමක විශිෂ්ඨ ප්‍රහාරයක් දියත් කිරීමට හෙන්රික් ක්ලාසන් සමත් වුණේ තරගයේ ජය පිළිබද බලාපොරොත්තු සන්රයිසස් ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමින්.

ඔහු පන්දු 29 කින් ලකුණු 63 ක් වාර්තා කළේ හයේ පහර 8ක් සමගින්. අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට ද හයේ පහරක් එල්ල කිරීමට ක්ලාසන් සමත් වූ අතර, ඒ අනුව අවසන් පන්දු 5 තුළ දී සන්රයිසස් පිලට ජය ගැනීම සදහා අවශ්‍ය වූයේ ලකුණු 7 ක් පමණයි.

කෙසේ වෙතත්, ඉතිරි පන්දු 5 විශිෂ්ඨ අන්දමින් යොමු කරමින් ශහ්බාස් අහ්මඩ්ගේ හා ක්ලාසන්ගේ කඩුලු දවා ගනිමින් කොල්කටා කණ්ඩායමට අනර්ඝ ජයක් හිමි කර දීමට හර්ෂිත් රානා සමත් වුණා. (දර්ශන පහතින්)

ක්ලාසන් හා ශහ්බාස් අතර 6 වැනි කඩුල්ලට පන්දු 16 කින් වාර්තා වූ සම්බන්ධතාවය ලකුණු 58 ක්. ශහ්බාස් ලකුණු 16 යි (පන්දු 5කින්).

පන්දු යැවීමේ දී හර්ෂිත් රානා ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අන්ඩ්‍රි රසල් ලකුණු 25 කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 119 දී බිද වැටුණු පසුබිමක පිටියට පිවිසි අන්ඩ්‍රි රසල් තරගයේ පාලනය හයිදරාබාද් පිලෙන් උදුරා ගනිමින් පන්දු 25 කින් නොදැවී ලකුණු 64 ක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ, දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගින්.

ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 54 ක් රැස් කළේ පන්දු 40 කින්. හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 32 කට කඩුලු 3ක් දවා ගත් අතර, මයාන්ක් මාකන්ඩේ කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...