ඉමාඩ් වසීම් විශ්‍රාම ගැනීමේ තීරණය සංශෝදනය කරයි

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තමන් ගෙන තිබූ තීරණය සංශෝදනය කරමින් යළි විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් තීරණය කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් ඔහු ඒ බව නිවේදනය කළා.

කෙසේ වෙතත්, ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා වන තුරු පමණක් ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටීමට අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.

ඒ අනුව ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් හෝ අත්සන් තැබීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නැහැ.

ඉමාඩ් වසීම් අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ මීට වසරකටත් වැඩි කාලයකට පෙරයි.

කෙසේ වෙතත්, නිමා වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ඉමාඩ් විශිෂ්ඨ දක්ෂතා දැක් වූ අතර, අවසන් මහා තරගයේ දී ඔහු කඩුලු පහක් ද දවා ගත්තා.

ඒ අනුව ඔහු ගෙන තිබූ විශ්‍රාම ගැනීමේ තීරණය යළි සලකා බලන ලෙසට මෙම සතිය ආරම්භයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඔහුට දැනුම් දී තිබූ බව සදහන්.

ඉමාඩ් වසීම් පාකිස්තානය වෙනුවෙන් විස්සයි 20 තරග 66 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 486 ක් වාර්තා කළේ 131.70 ක ප්‍රහාරාත්මක වේගයක් සහිතවයි. විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ඔහු කඩුලු 65 ක් ද දවා ගෙන තිබෙනවා.

ඔහු පසුගිය නොවැම්බර් මාසයේ දී යි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...