Watch : 4,6,4,4,6 – ඉනිමේ අවසන් පන්දුවාරයට අභිෂේක් ගහපු ලකුණු 25

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අභිෂේක් පොරෙල් අද(23) සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුල්ලන්පූර්හී දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඉනිම වෙනුවෙනුයි ඔහු මෙම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කළේ.

ඔහු මෙම තරගය සදහා වන පළමු 11 දෙනා අතරට ඇතුළත්ව නොසිටි අතර, Impact Player ලෙසයි ඔහු කඩුලු 7 ක් දැවී ගිය පසු පිටියට පිවිසියේ.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔහු හර්ෂාල් පටෙල්ට එරෙහිව ලකුණු 25 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ දී ඔහු හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් එල්ල කරමින් දිල්ලි පිල ලකුණු 170 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා.

මෙම ඉනිමේ දී අභිෂේක් පොරෙල් පන්දු 10 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 32 ක්.

අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...