ඇෆ්ඝනිස්තානය සමග ක්‍රීඩා කරන්න ඔස්ට්‍රේලියාව යළිත් බෑ කියයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් කල් දැමීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ඝනිස්තානය තුළ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා මානව හිමිකම්වල පවතින පිරිහීම සැළකිල්ලට ගනිමින් එම තීරණය ගැනීමට කටයුතු කළ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බව ද ඔවුන් කියා සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග සංචාරයක් ලෙස තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් එළඹෙන අගෝස්තු මාසයේ දී යි ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ.

අයි.සී.සී ඉදිරි තරග කාලසටහනෙහි ද (Future Tours Program) මෙම තරගාවලිය ඇතුළත්ව ඇති නමුත්, මානව හිමිකම් පිළිබද ගැටලු හේතුවෙන් තරගාවලිය කල් දැමීමටයි ඔවුන් මෙලෙස කටයුතු කර ඇත්තේ.

මීට පෙර ද 2021 වසරේ දී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයක් හා 2023 වසරේ දී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියක් ද මෙම හේතුව පදනම් කර ගනිමින් කල් දැමීමට ඔස්ට්‍රේලියාව කටයුතු කළා.

එක්දින තරගාවලිය කල් දැමීමට කටයුතු කිරීමත් සමග රෂීඩ් ඛාන් ඔස්ට්‍රේලියාවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටි‍යේ තමන් බිග් බෑෂ් ලීග් තරගාවලියෙන් ද ඉවත් වන බවයි.

නමුත්, පසුව ඔහු බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තීරණය කළ නමුත්, ආබාධයක් නිසා ඔහුට තරගාවලිය අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...