ඔමර්සායිගේ කඩුලු 4 ඇෆ්ඝනිස්තානයට තරගාවලියේ ජය තහවුරු කර දෙයි

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 57 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග  2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති අවසන් තරගය ජය ගැනීම සදහා ලකුණු 156 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 17.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98 ක් පමණයි.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත් අතර, නවීන් උල් හක් ලකුණු 10 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

අයර්ලන්තය වෙනුවෙන් කර්ටිස් කැම්පර් ලකුණු 28 ක් හා Gareth Delany ලකුණු 21 ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ලකුණු 155 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඊබ්‍රහීම් සඩ්‍රාන් පන්දු 51 කින් නොදැවී ලකුණු 72 ක් රැස් කළ අතර, මොහමඩ් ඉෂක් ලකුණු 27 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...