පාකිස්තාන සුපර් ලීග් ශූරතාවය කාටද? අවසන් මහා තරගය අද

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(18) පැවැත්වෙනවා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ මූලික වටයේ දී තරග 10 කින් තරග 7ක් ජය ගත් මුල්තාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් අතර, ඉස්ලාමාබාද් කණ්ඩායම තරග 5ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

අවසන් වටයේ පළමු තරගයේ දී (Qualifier) පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් ලබමිනුයි මුල්තාන් කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator 1) ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයක් ද, අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Eliminator  2) පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් ද ලබමින් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.

යුනයිටඩ් කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී (2016, 2018) PSL ශූරතාවය දිනා ඇති අතර, මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම 2021 වසරේ දී PSL ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...