14 ට කඩුලු 4 ක් දැවී ගිය ඇෆ්ඝනිස්තානය නබී හා රෂීඩ් ජයග්‍රහනය කරා රැගෙන යයි

Date:

ලකුණු 14 ට කඩුලු 4 ක් දැවී ගිය පසුබිමක මොහමඩ් නබී වාර්තා කළ අනර්ඝ අර්ධ ශතකය හා රෂීඩ් ඛාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරයක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 152 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ඇන්ඩි බල්බර්නි ලකුණු 45 ක් හා Gareth Delany ලකුණු 39 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 14 ක් පමණක් සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් 5 වැනි කඩුල්ල සදහා සටන්කාමී ලකුණු 78 (56) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මොහමඩ් නබී හා ආරම්භක පිතිකරු Sediqullah Atal සමත් වුණා.

Sediqullah ලකුණු 35 කට දැවී ගිය අතර, නබී පන්දු 38 කින් ලකුණු 59 ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක රෂීඩ් ඛාන් ලකුණු 25(12) යි.

පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 27 කට කඩුලු 3ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල් හා බැරී මැකාර්ති කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...