RCB සිහිනය අවසානයේ සැබෑ වෙයි – WPL ශූරතාවය බැංගලෝර් කණ්ඩායමට

Date:

2024 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (WPL) ශූරතාවය දිනා ගැනීමට ස්ම්රිති මන්දනා නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ, දිල්ලි හී දී පැවැති අවසන් මහා තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායමට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කාන්තා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එලිස් පේරි නොදැවී ලකුණු 35 ක්, සොෆියා ඩිවයින් ලකුණු 32 ක් හා ස්ම්රිති මන්දනා ලකුණු 31 ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලිය වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 7.1 ක් තුළ ලකුණු 64 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට නායිකා මැග් ලෙනින් හා ශෆාලි වෙර්මා සමත් වූ පසුබිමකයි ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 113 කට සීමා කිරීමට බැංගලෝර් පන්දු යවන්නියන් සමත් වුණේ.

පළමු කඩුල්ල දැවී යාමත් සමග එම පන්දුවාරයේ දී ම තවත් කඩුලු දෙකක් දවා ගැනීමට Sophie Molineux සමත් වීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. ඇය සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

වෙර්මා ලකුණු 44 කටත්, ලෙනින් ලකුණු 23 කටත් දැවී ගිය අතර, පන්දු යැවීමේ දී බැංගලෝර් පිල වෙනුවෙන් Shreyanka Patil පන්දුවාර 3.3 ක් තුළ ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගැනීම ද කැපී පෙනුණා.

මෙතෙක් පවත්වා ඇති අයි.පී.එල් තරගාවලි 16 තුළ දී කිසිදු ශූරතාවයක් දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිරිමි කණ්ඩායම සමත්ව නොමැති පසුබිමකයි බැංගලෝර් කාන්තා කණ්ඩායම සිය ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු කරමින් මෙම සුවිශේෂී ජය වාර්තා කිරීමට සමත් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...