කාන්තා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අද

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ අවසන් මහා තරගය අද(17) පැවැත්වෙනවා.

ඒ, දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7.30 ට දිල්ලි හි Arun Jaitley ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දිල්ලි කණ්ඩායම මූලික වටයේ දී තරග 8කින් තරග 6ක් ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමිනුයි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර ගත් මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා රෝයල් චැල්න්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායම Eliminator තරගය සදහා ක්‍රීඩා කළ අතර, ඉන් ලකුණු පහක ජයක් හිමි කර ගත් RCB කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙවර තරගාවලියේ දී චමරි අතපත්තු ක්‍රීඩා කළ යූපී වොරියර්ස් කණ්ඩායමට හිමි වූයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයයි.

WPL තරගාවලියේ පළමු අදියරේ ශූරතාවය දිනා ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...