Legends Cricket Trophy : ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කෙරේ

Date:

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන “Legends Cricket Trophy” තරගාවලියේ දී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළ බව කියන ඉන්දීය ජාතික කළමනාකරුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් එම තහනම් නියෝගය නිකුත් කළ බවයි ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ.

ඒ, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුවයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ නවසීලන්ත ක්‍රිඩකයෙකු කරන ලද පැමිණිලි අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගාවලිය සදහා රාජස්තාන් කිංග්ස්, දිල්ලි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්ස්, කැන්ඩි සම්ප් ආර්මි, කලම්බු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් ය‍න කණ්ඩායම් තරඟ වදිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...