හැරී බෘෘක් කෝටි 14 ක IPL ගිවිසුමෙන් ඉවතට

Date:

එංගලන්ත පිතිකරු හැරී බෘෘක් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ දී ඔහුගේ මිත්තණිය අභාවප්‍රාත්ත වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන ඇති බව සදහන්.

හැරී බෘෘක් පසුගියදා අවසන් වූ ඉන්දු-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ද ඉවත් වීමට කටයුතු කළා.

ඉන්දීය සංචාරයට පෙර ඔහු එංගලන්ත කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති පුහුණුවීම් සදහා ද එක්ව සිටි නමුත්, සෙසු එංගලන්ත ක්‍රීඩකයින් සමග ඔහු ඉන්දියාවට පැමිණියේ නැහැ.

ඊට හේතුව ලෙස හැරී බෘෘක් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් සදහන් කර ඇත්තේ මිත්තණියගේ අසනීප තත්ත්වය හේතුවෙන් තමන්ට එලෙස ඉන්දීය සංචාරයෙන් ඉවත් වීමට සිදු වූ බවයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

දෙසැම්බර් මාසයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 4 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 14.7 ක පමණ වටිනාකමක් යටතේයි.

හැරී බෘෘක් 2023 අදියරේ දී අයි.පී.එල් වරම් දිනා ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරමින්. ඔහුව සන්රයිසස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 13.25 ක මුදලකටයි.

කෙසේ වෙතත්, 2023 අයි.පී.එල් අදියරේ දී ඔහු තරග 11 කදී රැස් කළේ ලකුණු 190 ක් පමණයි. ඊට එක් ශතකයක් ද ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...