දෙවැනි වරටත් 20යි 20 ශූරතාවය නොටින්හැම්ෂෙයාර් පිලට

Date:

මෙවර එංගලන්ත ප්‍රාන්ත පන්දුවාර 20යි 20 (T20 Blast) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නොටින්හැම්ෂෙයාර් කණ්ඩායම සමත් වුණා.

ඒ්, බර්මිංහැම්හි පැවැති අවසන් මහා තරගයේ දී සරේ කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

පන්දුවාර 16කට සීමා වූ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් නොටින්හැම්ෂෙයාර් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ පිල කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබා ගත්තා.

ජේසන් රෝයි පන්දු 47කින් ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩැනියල් ක්‍රිස්ටීන් කඩුලු 4ක් බිද හෙලුවේ ලකුණු 23ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නොටින්හැම්ෂෙයාර් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 13.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

බෙන් ඩකට් පන්දු 38කින් නොදැවී ලකුණු 53ක් රැස් කරමින් නොටින්හැම්ෂෙයාර් ඉනිම ශක්තිමත් කළා.

මෙය නොටින්හැම්ෂෙයාර් කණ්ඩායම ප්‍රාන්ත 20යි 20 තරගාවලිය ජය ගත් දෙවැනි අවස්ථාවයි.

මෙම තරගයේ දී නොටින්හැම්ෂෙයාර් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ටොම් මෝර්ස් රැක ගත් සුපිරි උඩ පන්දුවක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...