WTC : ඉන්දියාව සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගනියි

Date:

එංගලන්තය සමග පැවැති තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ඉනිමක ජයක් ලබමින් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගත් ඉන්දියාව 2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව සිටිනවා.

මේ වන විට නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, ඉන්දියාව තවදුරටත් පළමු ස්ථානයේම රැදී සිටීම ද විශේෂත්වයක්.

නවසීලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔස්ට්‍රේලියාව රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

එංගලන්තයට එරෙහි තරගාවලි ජයත් සමග ඔස්ට්‍රේලියාව අභිබවා ඉන්දියාව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පත් වීම ද කැපී පෙනෙනවා. ඉන්දියාව මේ වන විට තරග රටා ත්‍රිත්වයෙන්ම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වීම විශේෂත්වයක්.

එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලැබූ පරාජයත් සමග ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පසු බැසූ පසුබිමකයි ඔවුන් මේ වන විට පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ. ඒ, තරග 9කින් තරග 6ක් ජය ගනිමින් 68.51 ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයට 60.00 ක ලකුණු ප්‍රතිශතයක් ද, තෙවැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවට 59.09 ක ලකුණු ප්‍රතිශතයක් ද හිමියි.

බංග්ලාදේශය සිව්වැනි ස්ථානයේත්, පාකිස්තානය පස්වැනි ස්ථානයේත්, බටහිර ඉන්දීය කොදෙව්වන් 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ශ්‍රී ලංකාව පිළිවෙලින් රැදී සිටින්නේ 7 වැනි, 8 වැනි හා 9 වැනි ස්ථානවලයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...