මාලිංගට තර්ජනයක් වූ අමිට් මිශ්‍රා IPL පිටියෙන් ඉවතට

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අමිට් මිශ්‍රාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන්.

පසුගිය 3 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.

එම තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ දී ම නිටිෂ් රානා එල්ල කළ පහරකින් පසුව ඔහු වෙතට ඇදී ආ උඩ පන්දුව රැක ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී යි අමිට් මිශ්‍රා මෙම ආබාධයට ලක් වුණේ.

එම තරගයේ දී ඔහු පන්දුවාර දෙකක් පමණක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ලකුණු 14කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී අමිට් මිශ්‍රා තරග තුනකට ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු බිද හෙලූ කඩුලු ගණන 3ක්.

අමිට් මිශ්‍රා අයි.පී.එල් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට පමණයි.

මාලිංග තරග 122කදී කඩුලු 170ක් බිද හෙලා ඇති අතර, අමිට් මිශ්‍රා තරග 150කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 160ක්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...