Day 2 Report : රෝහිත්-ගිල් ශතක හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(8) නිමා වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 473 ක් ලබා සිටියා. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය රැස් කළ ලකුණු 218 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 255 ක්.

ධර්ම්සාලා හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අද ආරම්භ වන විට ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 135 ක් රැස් කර ගෙන සිටියා. දෙවැනි කඩුල්ල බිද වැටුණේ මුළු ලකුණු පුවරුව ලකුණු 275 ක් ලෙස සටහන්ව තිබියදීයි.

රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 171 (244) ක්. ෂර්මා ලකුණු 103 කට දැවී ගිය අතර, ගිල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110 ක්.

මාස ගණනාවකට පසුව මෙම තරගයේ දී එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් යළි පන්දු යැවීම ආරම්භ කළ අතර, ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම රෝහිත් ෂර්මා දැවී යාම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ දෙව්දත් පඩික්කල් ලකුණු 65 ක් හා සර්ෆරාස් ඛාන් ලකුණු 56 ක් රැස් කළා. ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 57 ක් ලබා සිටියදී ඊයේ දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුල්දීප් යාදව් ලකුණු 27 ක් හා ජස්ප්‍රිට් බුම්රා ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශොයිබ් බෂීර් ලකුණු 170 කට කඩුලු 4ක් දවා ගත්තා. ටොම් හාර්ට්ලි බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...