කුල්දීප්ගේ කඩුලු 5 හමුවේ විනාශ වූ එංගලන්තයට ඉන්දීය පිතිකරුවන්ගෙන් ප්‍රබල පිළිතුරක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(7) ධර්ම්සාලා හීදී නිමා වුණේ දිනයේ සියලු ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලබා සිටියේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය රැස් කළ ලකුණු 218 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 83 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි රෝහිත් ෂර්මා ලකුණු 52 ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. යශස්වි ජයිස්වාල් ලකුණු 57 ක් රැස් කළා. ඔහු දැවී ගියේ ශොයිබ් බෂීර්ගේ පන්දුවක් හමුවේයි.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිම ලකුණු 170 ක් ලෙස සටහන්ව තිබියදීත් ඔවුන්ගේ දැවී ගොස් තිබුණේ කඩුලු 3ක් පමණයි.

කෙසේ වෙතත්, කුල්දීප් යාදව් දවා ගත් කඩුලු පහ හා තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන රවිචන්ද්‍රන් අශ්වින් දවා ගත් කඩුලු 4 හමුවේ බිද වැටුණු එංගලන්ත ඉනිම ලකුණු 218 කට සීමා වන විට ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි. ඔහු ලකුණු 79 ක් ලබා ගත්තා. තම සිය වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ජොනී බෙයාර්ස්ටව් ලකුණු 29 කට දැවී ගියා.

බෙන් ඩකට් ලකුණු 27 ක්, ජෝ රූට් ලකුණු 26 ක් හා බෙන් ෆෝක්ස් ලකුණු 24 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...