CSK සුපිරි ආරම්භක පිතිකරුවාට IPL තරගාවලියම අහිමි වන ලකුණු

Date:

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධයටත් වඩා වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් මාපටැඟිල්ලෙහි සිදුව ඇති අස්ථි බිදී යාම නිසා මෙම සතියේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට කොන්වේට සිදුව ඇති බැවින්.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ශල්‍යකර්මයෙන් පසුව ඔහුට අවම වශයෙන් සති අටක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බව සදහන්.

කොන්වේ අදාළ ආබාධයට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි විස්සයි 20 තරගය අතරතුර දී කඩුලු රකිමින් සිටියදී යි.

ආබාධයෙන් පසුව ඔහු කඩුලු රැකීමේ කටයුතුවල ද නිරත නොවූ අතර, පන්දුවට පහර දීමට ද කටයුතු කළේ නැහැ.

ආබාධය හේතුවෙන් ඔහුට තෙවැනි විස්සයි 20 තරගය මෙන්ම දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

2023 අයි.පී.එල් ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන කොන්වේ පසුගිය අදියරේ අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...