බංග්ලාදේශ පන්දු යවන්නෙකුට ශ්‍රී ලංකා T20 තරගාවලිය අහිමි වෙයි

Date:

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Aliss Islam ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ. ඔහු නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇගිල්ලක ආබාධයකට මුහුණ දීම හේතුවෙන්.

2019 වසරේ දී Dhaka Dynamites කණ්ඩායම නියෝජනය කළ ඔහු, තමන් ක්‍රීඩා කළ පළමු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, සිය පන්දු යැවීමේ ඉරිව්වේ ගැටලු හා ආබාධ හේතුවෙන් ඔහුට වසරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

සිය නව පන්දු යැවීමේ ඉරියව්ව සමගින් මෙවර BPL තරගාවලියට ක්‍රීඩා කළ Aliss Islam තරග අටකදී කඩුලු 9ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට ඔහුව නම් කෙරුණු නමුත්, පසුගිය 19 වැනිදා Sylhet Sixers කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටියදී ඇගිල්ලක සිදු වූ ආබාධයක් නිසා ඔහුට මෙම විස්සයි 20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

සම්පූර්ණයෙන් සුවය ලැබීම සදහා ඔහුට අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් ගත වන බව සදහන්.

බංග්ලාදේශ විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් මේ වන විට සිල්හෙට් වෙත පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විස්සයි 20 තරගාවලිය සිල්හෙට් හී දී එළඹෙන 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...