ග්‍රීන්ගේ නොදැවුණු ශතකය අසීරු තණතීරුවක ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ගලවා ගනියි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) වෙලින්ටන් හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 279 ක්.

පිතිකරුවන්ට අපහසු තණතීරුවක ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ගලවා ගත් අංක 4 පිතිකරු කැමරන් ග්‍රීන් ලකුණු 103 ක් නොදැවී ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඒ, හතරේ පහර 16 ක් සමගින්.

ආරම්භක පිතිකරුවන් වූ ස්ටීවන් ස්මිත් ලකුණු 31 කටත්, උස්මාන් කවාජා ලකුණු 33කටත් දැවී ගියා. මර්නස් ලබුෂේන් හා ට්‍රැවිස් හෙඩ් එක් ලකුණ බැගින් ලබා සිටියදී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

මිචෙල් මාෂ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40 ක්. ඇලෙක්ස් කෙරී ලකුණු 10 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 43 කට කඩුලු 4ක් දවා ගනිමින් ඔස්ට්‍රේලියාවට දැඩි තර්ජනයක් එල්ල කළා. William O’Rourke හා Scott Kuggeleijn කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර් මෙම තරගය සදහා ක්‍රීඩා නොකළ ද ඔහු අතිරේක පන්දු රකින්නෙකු ලෙස පන්දු රැකීමට පැමිණි අවස්ථාව ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් දිනා ගත් අවස්ථාවක් බවට පත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...