කොන්වේට පළමු තරගය අහිමි වෙයි – රවීන්ද්‍ර සුව වෙයි – ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට අහිමි වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති විස්සයි 20 තරගාවලියේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධය මෙතෙක් සුව වී‌ නොමැති බැවින්.

ඒ අනුව ඔහු වෙනුවට හෙන්රි නිකල්ස් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි කණ්ඩායම් කලමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

නමුත්, කොන්වේ වෙනුවට විල් යන්ග් නවසීලන්ත කණ්ඩායම සදහා පළමු ටෙස්ට් තරගයේ දී ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(29) වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

කොන්වේ අදාළ ආබාධයට මුහුණ දුන්නේ දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගය අතරතුර දී කඩුලු රකිමින් සිටියදී යි.

ආබාධයෙන් පසුව ඔහු කඩුලු රැකීමේ කටයුතුවල ද නිරත නොවූ අතර, පන්දුවට පහර දීමට ද කටයුතු කළේ නැහැ. ආබාධය හේතුවෙන් කොන්වේට තෙවැනි විස්සයි 20 තරගය ද අහිමි වුණා.

මෙම සතියේ දී ඔහු තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ සදහා හා අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු වීමට නියමිතව තිබෙනවා.

නවසීලන්ත – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 8 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, වම් දණහිසේ ආබාධයක් හේතුවෙන් තෙවැනි විස්සයි 20 තරගය ක්‍රීඩා නොකළ රචින් රවීන්ද්‍ර මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමිව තිබෙනවා.

මේ අතර, පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නායක පැට් කමින්ස් විසින් මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායම මෙම තරගය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Australia XI:

Steve Smith, Usman Khawaja, Marnus Labuschagne, Cameron Green, Travis Head, Mitch Marsh, Alex Carey (wk), Pat Cummins (c), Mitch Starc, Nathan Lyon, Josh Hazlewood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...