මුම්බායි පිලට ලකුණු 34ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සාජාහී දී අද(4) පැවැති තරග‍යෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 34කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 39කින් ලකුණු 67ක් රැස් කලේ හයේ සහ හතරේ පහර 4 බැගින් වාර්තා කරමින්.

ඉෂාන් කිෂාන් ලකුණු 31ක් සහ හර්ඩික් පාන්ඩ්යා ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා සහ සිද්ධාර්ත් කවුල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, සිද්ධාර්ත් කවුල් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 64ක් රැස් කිරීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 60යි.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ජේම්ස් පැටින්සන් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...