නවසීලන්ත සහ පාකිස්තාන තරගාවලි කල් දැමේ

Date:

සිය රටේ දී පැවැත්වීමට නියමිත එළඹෙන නවසීලන්ත සහ පාකිස්තාන තරගාවලි කල් දැමීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබූ එංගලන්ත තරග සංචාරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එළඹෙන ජූනි සහ ජූලි මාසවලදී අයර්ලන්තය සහ නවසීලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

එමෙන්ම පාකිස්තාන කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග දෙකක් පැවැත්වීමටයි  සැලසුම් කර තිබුණේ.

අයර්ලන්ත කණ්ඩායම තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සදහා එංගලන්තයට පැමිණීමට නියමිත වූයේ සැප්තැම්බර් මාසයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...