සිව්වැනි ටෙස්ට් තරගය සදහා එංගලන්ත කණ්ඩායමට වෙනස්කම් දෙකක්

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

තෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් හා දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂීර් කණ්ඩායමට කැදවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් හා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ්.

දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තය ලකුණු 434 ක දැවැන්ත පරාජයක් ලැබූ අතර, මේ වන විට තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඉන්දියාවයි.

ඒ අනුව තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය ජය ගැනීමටනම් එංගලන්තය සිව්වැනි තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වනවා.

සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (23) පෙරවරු 9.30 ට රංචි හී දී ආරම්භ වීමට නියමිතයි.

England XI: 

Zak ⁠Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (c), Ben Foakes (wk), Tom Hartley, Ollie Robinson, James Anderson, Shoaib Bashir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...